සොබාදහම
විදු ලොවට මඟ කියාදෙන සොබාදහම
ඉහල අහසේ සිට පොලොව වෙත අන්තරාවකින් තොරව ගොඩ බසින්නේ කෙසේදැයි මා ඇසුවොත්, ඔබ පැරෂුටයකින් නොවේදැවි අසනු නිසැකය.සෙමින් ඒ මේ අත යමින් බිම වැටෙන වරා මලක රහස මිනිසා විසින් එම ගැටළුවට විසඳුම නිර්මාණයට යොදාගෙන ඇතා බැව් ඔබ දැන සිටියාද ?
සැබැවින්ම තාක්ෂණ ක්ෂේත්‍රයේ දියුණුවට ඉංජිනේරුවන් ඉදිරිපත් කරන නිෂ්පාදන හා සැසඳීමේදී ස්වාභ ධර්මයේ ශාක, සතුන් හා අනෙක් ස්වාභාවික නිර්මාණ පවතින්නේ සිය දහන් වතාවක් ඉදිරියෙනි.අපගේ ගැටළු වලට විසඳුම් සෙවීමට හොඳම ස්ථානය සොබාදහම බව අද විද්වතුන් පිළිගෙන ඇත. මෙසේ ස්වභාවික නිර්මාණ වල සූක්ෂම ස්ථාන ග්‍රහනයෙන් නව න්ර්මාණ බිහි කිරීම ජෛවාණුකරනය (Bio Mimicry) නම් වේ
.
වවුලන්ගේ රේඩාර් සන්නිවේදන හැකියාව පිළිබඳ කරන ලද හැදෑරීවම් වල ප්‍රතිඵලයක් ලෙස ඔවුන් නවතම සැරටියක් නිර්මාණය කර තිබේ. දෘශ්‍යාබාධිත පුද්ගලයින්ගේ පහසුව සදහා නිපදවා ඇති මෙය මාර්ගයේ ඉදිරියෙන් හමුවන බාධක රේඩාර් තාක්ෂණයෙන් හඳුනගෙන කල්තියාම භාවිතා කරන්නාට දැනුම් දෙයි.
අගුටු මිවි වේවාගෙන් අප ඉගෙන ගෙන තිබෙන පාඩම් එමටයි. .මේ කතා කිරීමට යන්නේ ඔවුන්ගේ එකමුතුකම ගැන නම් නොවේ.වේයාගේ හුඹස තුළ සිසිලස රුක ගැනීම සදහාම හුඹහේ වාස්තු විද්‍යානුකූල කවුළු සකස් කිරීමට පුංචි වේයා සමත්ය. ඒ වෙත වාතය ඇතුල් වීමට කවුළු පහතින්ද, පිටවීමට කවුළු ඉහළින්ද සකස් කර තිබේ. එම නිසාම ඇතුලට පැමිණෙන සිසිල් වාතය රත් වී
සංවහන ධාරා ඔස්සේ නිරායාසයෙන්ම ඇඳී යන්නේ ඉහළටයි. මෙම රහසසොයාගත් මිනිසා අද මහා පරිමාණ ගොඩනැඟිලි නිර්මාණය කිරීමට මෙම තික්ෂණය යොදා ගනී. ඒවාට යෝධ හුඹස් කීවාට වේයන් අප හා අමනාප නොවනු ඇත.
සොබාදහම් දිනිතිය මේ අපූර්ව ලෝකයේ නිර්මාතෘවරියයි. පෘථිවියේ ආරම්භයේ පටන් කාලයත් සමඟ ලොවට වඩාත්උචිත වූද, කාර්යක්ෂම වූද, විසදුම් සොයා ඇය ගෙන ගිය ප්‍රයත්නයේ ව්පුල ඵල අද වන විට වටා පවතී. ඇයට අභියෝග කිරිමට තරම් හැකියාවක් මිනිසුන් වන අපට ඇත්ද?
දහස් සංඛ්‍යාත ජෛවානුකරණ යෙදිවම් තිබියදී මේ කිහිපය ඔබ වෙත සමීප කළේ ඔබටද විද්‍යා කේෂේත්‍රයේ දියුණුවට වටිනි අදහස් දායක කිරීමේ හැකියාව පවතින හෙයිනි.
No comments: